Jump to content

චිත්‍රා/3 වෙනි දර්ශනය

From Wikisource

3 වෙනි දර්ශනය

[edit]

චිත්රා :- ඒක වෙන්න බැහැ - ආවේශ වෙච්ච භුතයෙක් බඩගිනි වේලාවේ කන්න අල්ල ගන්න හදන්න වාගේ මා දෙස හෙළු ඒ බැල්ම මා ඉවසා සිටියා - ඔහුගේ හදවතේ පැන නැගුණ ආශාව නිසා මුළු ඇඟම දෙදුරුම් කන හැටි දැනි දැනි මා නිකම් හිඟන්නකු වාගේ ඔහු පිට මං කළා - නෑ - වෙන්න බැහැ.

[ මදන සහ වසන්ත පැමිණෙති ]


27


‍අපොයි, ආලයේ දෙවියනි. මේ මොන භයානක ගිනි දැල්ලකින්ද මා දවන්නේ? කුමකට අත ගැසුවත් මා දැවෙනවා.

මදන:- ඊයේ රෑ සිදුවු සියල්ල දැනගන්නන මා හරි ආසයි.

චිත්රා:- එදා සවස, වසන්තයේ විසිරි ගිය මල් පෙති උඩට වෙලා, අර්ජුණ කළ විරුදාවලිය ගැන කල්පනා කරමින් සිටියා. දවස මුළුල්ලේ එක්කාසු කළ ඒ අමා මි බිඳුවෙන් බිඳුව බිව්වා. මගේ ජිවිතයේ ගතවූ කොටස ගිය ජන්මය මෙන් අමතක වුණා. මා මලක් මෙන් මට දැනුනා - ඔව් මලක් - ගුණ ගි ගයන මුමුවලටත්, අසළ කැලැවෙන් එන මිහිරි නාදයටත් වේගයෙන් ගත වෙන පැය ගණනක් කන් දි නොසිට අහස දෙසින් ‍බිමට හැරි අතීතයක් ‍‍හෝ අනාගතයක් නැති අගනා මොහොතක කතාවක් කියමින් එකම කඳුලක් ‍ෙනාහෙළා මොහොතකින් ධූවිල්ලට එක්වන මලක් වගේ මට දැනුනා.

වසන්ත:- නිමක් නැති කිර්තිමත් ජිවිතයක් ඇති වී නැති වී යන්නට එක උදාසනක් ඇති.

මදන:- කෙටි ගිතයක ඇති නිමක් නැති අදහස වාගේ !

චිත්රාි:- දකුණු දෙසින් හමා ආ මදනල මා නිදි ගැන්නුවා - උඩින් එල්ලුන මාලකති මල් මා හොරෙන් සිප ගත්තා.


28


එක එක මල මගේ කොණ්ඩය, පපුව, පය මර නින්දට ඇඳක් කර ගත්තා. මාත් නිදා ගත්තා - නින්දෙන්ම වාගේ මට දැනුනා ගිනි දැල් වගේ උල් වේගවත් බැල්මක් මගේ ඇඟට වැටුනා වාගේ - මා කල - බලෙන් නැගිට්ටා - කවුද මේ ඉන්නේ මාගේ ඉදිරියේ අර තාපසයා - මේ මනුෂ්යල ශරිරයෙන් දැක්වෙන දිව්යගමය චිත්රාය කොළ අතරින් හොරා බලන්නට මෙන් හදත් බස්නාහිරට වෙලා සිටියා - මුළු පෙදෙස සුවඳින් පිරි තිබුණා - රාත්රිහයේ නිහඬතාවය පෙත්තගේ නාදයෙන් කෑ ගැසුවා - ගස්වල සේයාව පොකුණනු ජලයෙහි නොසැලි රැදි තිබුණා. ඔහු අර කෝටුව අතට අර ගෙන කැලේ ගසක් ව‍ාගේ උසට මා ඉදිරියේ සිටියා - මා නැගිටින විටම මට මුළු ලොවම නැතිවි හිනෙන්ම මා හුදකලා ‍ෙලාකයක මා නැවත ඉපදි සිටිනවා වාගේ දැනුනා. බුරුල් කළ ඇඳුම් වාගේ ම‍ගේ ලැජ්ජාව බිමට වැටුනා. ඔහු මගේ ප්රේුමිය, මගේ ප්රේාමිය යයි කියනවා මට ඇහුණා. එතකොටම මගේ නැතිවූ අර සියලුම ජිවිත නැවත එක්වී ඔහුට උත්තර දුන්නා - “මා ගන්න, මගේ ඔක්කොම ගන්න” යි මා කිවා. එසේ කියමින් මා අත දික් කළා. හඳ බැස ගියා - කළු තිරයකින් මුළු ලොකයම වැහුණා. අහස සහ පොළොව, කාලය හා දුර, ප්රි.තිය හා දුක ජිවිතය සහ ඉමරණය; එකට එක්විම විඳ දරා ගන්නට තරම් බැරිවුණා............ කුරුල්ලන්ගේ නාදය සමඟ ආ පළමුවෙනි හිරු එළියත් සමඟ ම මා නැගිටලා වම් අතට බර වී හිඳ ගත්ත - උදේට පායන අඩ සඳවන් නොපැහැදිළි සිනාවක් කට කොනක තබා ගෙන ඔහු නිදා සිටියා. රතු පාට ළහිරු රැස් කෙදි ඔහුගේ උතුම් නලල දැල්වුවා. මා සුසුමක් හෙළා නැගිට්ටා - මුහුණට වැටෙන හිරු එළිය වැළැක්විමට කොළ සහිත වැල් එක් කළා. වා වට පිට බැලුවා, දැක්කේ එම පොළොවමයි - මට මතක් වුනා මා කවුරුද කියා - එතකොට තමාගේම සෙවනැල්ලට බයේ දුවන මුව දෙනෙකු වාගේ සේපාලිකා මලින් වැපිරි තිබුණ.



29


කැලෑ පාරේ දිගටම දිව්වා - කැලෑවේ මුල්ලක් දැකලා - එතනට වෙලා අත් දෙකින් මුහුණන වසාගෙන කෑ ගසා අඬන්නට හැදුවා - එහෙත් කඳුලු නොවෙයි මගේ ඇහැර ආවේ.

මදන:- ‍ අහෝ මනුෂ්යු දුව, මා දිව්යහමය කාමරයෙන් අර සුවඳ රස පැන් අහක් කරාලා ලෞකිකක පැන් කට ළඟටම පුරවාලා නුමට ඇති වෙන්න නුඹ ළඟින්ම තිබ්බා - එහෙත් මොකද මට මේ තරම් දුකින් අඬනවා ඇහෙන්නේ ?

චිත්රා:-‍ (අඬමින්) කවුද ඒක බිව්වේ? ජිවිතයේ ආසාව මොහොතකට සංසිදුවා - ආලයේ මංගල එක්විම මට දුන්නා නමුත් දැන් මට තබා පෙළා, ඒක අහකට ගත්තේ කවුද ? ඉතින් දැන් මගේ මේ ණයට ගත් කාන්තිය - ‍මා වෙලා සිටින මේ මායාව - අහක් කරලා අර රසවත් එක්වීම පමණක් සිහියෙහි ඉතිරි කරලා, සුපිපුණ මලක පෙති ගැලවෙන්නා වාගේ ගලවා යවන්න. දුප්පත් කමින් පෙළෙන ගැහැණියක වාගේ දිවා රැ හඬ හඬා ඉන්නෙමි. ප්රේනමයේ ‍දෙවියනි, මගේ මේ නපුරු පෙනිම යකෙක් වගේ මගේ ආදරය‍ සොරකම් කරමින් මා පස්සේ එනවා -ඔව් මගේ හද පිපාසයෙන් පෙ‍ළෙන ඔක්්කොම හාදු ‍ෙහාරකම් කරනවා-‍‍‍

මදන:- අනේ, අනේ. නුඹේ එකම එක රැය කිසිම ප්රවයෝජනයක් නැතිව ගෙවුණු හැටි - ප්රිළතියේ නැව පෙනෙන දුරටම ළං වුණා - නමුත් ඊට ගොඩ එන්න රැල්ල ඉඩ දුන්නේ නැහැ.


30


චිත්රා:- අහස කොයි තරම් ළං වුනාද කියනවා නම් එය මා ළඟටම නා බව මොහොතකින් අමතක වුණා. නමුත් උදේ පාන්දර මා නැගිටි විට මගේ ශරීරය මගේ සතුරා බව දැන ගත්තා. මගේ ඇඟ සැරසීම මහ වදයක් ඇඟ සරසා ගෙන මගේ පෙම්වතා ළඟට ගියාම - ඔහු සළකන්නේ ඒ සැරසිල්ලට - දෙවියනි මට දුන්න ‍මේ වරය ආපසු ගන්න.


මදන:- හොඳයි, මා එය ආපසු ගත්තොත්, කොහොමද නුඹ නුඹේ ආදරවන්තයා ළඟ ඉන්නේ ? එක කටක් බොන්නටත් ඉස්සෙල්ලා ප්රී තියේ රස තැටිය උදුරා ගැනීම ‍ෙකායි තරම් නපුරු වැඩක් ද? එතකොට එයා කොයි තරම් තරහෙන් නුඹ දෙස බලාවිද?


චිත්රා:- ඒක මිට වඩා හුඟක් ‍ෙහාඳයි. එතාකොට මා හරියට කවුද කියා කියනවා - ඒක මේ මායාවට වඩා උසස්. එයා මා පිළි නොගත්තත්, මට බැන්නත්, මගේ සිත කැඩුවත් මා රහසේ ඒ හැම දුකක්ම විඳිනවා.


වසන්ත:- මගේ අවවාදය අහන්න. මල් කාලය ඉවරවුනාම එන්නේ ගෙඩි කාලය. ඔය ජිවිතයේ මල් කාලය ගෙවෙන කොට එන පලබර කාලයේදි අර්ජුණ නුඹව බාර ගනිවි. දරුව පලයන් - නුඹේ ඔය නාඩගම් සෙල්ලමට පටයන් - ආපසු පලයන් -


31