චිත්‍රා/6 වෙනි දර්ශනය
6 වෙනි දර්ශනය
[edit]අර්ජුණ:- උදේම පිබිදුණු මට පෙති ගියා මගේ සිහින මැණිකක් ගරා ගෙන තිබෙන බව. ඒක තැන්පත් කරන්නන මට පෙට්ටියක් නැහැ. ඒක පළඳවන්න රජෙකුගෙ ඔටුන්නක් මට නැහැ. ඒක එල්ලන්න මාලයක් නැහැ. එහෙම වුනත් ඒක අහකට විසි කරන්න මට හිතකුත් නැහැ. ක්ෂත්රිනයකුගේ සුරතේ ඒක නිකමට තබාගෙන ඒ අතින් කළ යුතු යුතුකම් පවා අමතක කරලා.
37
[ චිත්‍රා පැමිණේ ]
චිත්‍රා:- කියන්න ස්වාමිණි මොකක්ද කල්පනා කෙළේ කියා
අර්ජුණ:- අද දඩයමේ යන්න හිතිලා මගේ සිතට කිසිම විවේකයක් නැහැ. බලන්න අර කඳු පාමුල වහින මොර සුරන වැස්ස. වලාකුළුවලින් වැටෙන හෙවනැල්ලේන් මුළු කැලැවම තවත් අඳුරු වෙලා - පිරි ඉතිරි යන දොල පාර, ගැටවරයෙක් වාගෙයි - උපහාසාත්මක සිනහ පාමින් හාම බැම්මකටම උසින් පැන යනවා. මේ වාගේ වැහි දවස්වල අප සහෝදරයින් පස් දෙනා වන සතුන් එලවන්න චිත්‍ර ක වනාන්තරයට යනවා. ඒ අප සත්තොෂයෙන් ගත කළ කාලය. හෙන හඬ පතුරන වලාකුළු ශබ්දය අනුව අපේ හිත් නටනවා. මොනරුන්ගේ නාදයේන මුළු කැලෑවම රැව් පිළිරැව් දෙනවා. වැස්සේ සටසටය හා දිය ඇලිවල ශබ්දය නිසා බොළඳ මුවන්ට ඔවුන් වෙතට ළංවන අපේ අඩි ශබ්දය ඇසෙන්නේ නැ. තෙත පොළොවේ අඩි සළකුණු තබා යන කොටි ඔවුන්ගේ වාසස්ථාන හෙළිදරව් කළා. අපේ සෙල්ලම ඉවර වුනාම ආපසු ගෙදර යන්න සැඩ දොල පාර හරහා පිනන්න එකිනෙකා සමඟ තරඟ කළා. මට නම් දැන් ඉවසන්න බෑ - මට දඬයමේ යන්නම ඕනෑ.
චිත්‍රා :- ඉස්සෙල්ලා ඔය යන ගල්වලට යන පාරේම යන්න. ඔබ එළවාගෙන යන මායා මුවා අසු වෙන්න ඔනෑම යයි ඔබට විශ්වාසමද? නෑ - තවම නෑ. ඉතාම ළඟයි කියා දැනෙන විටම සිනයක් වාගේ ඔය වල් සතා ඇත් වෙනවා - බලන්න හී තල දහසක් විදිමින් වැස්ස සුළඟ එලවා ගෙන එන හැටි. එහෙත් ඊට
38
අසු නොවී නිදහසේ යනවා. අපේ සෙල්ලමත් ඒ වාගේමයි. මගේ ආදරවන්තය ඔබත් අතේ තියෙන හැම හීයක්ම එල්ල කරමින් වේගයෙන් දුවන්න හැකි රූප ශොභාව පස්සේ එළවනවා. එහෙත් මේ මුව මායාව නිදහස්ව, අත නොගැසී සදා දුවනවා ඇති.
අර්ජුණන:- ප්‍රේ:මිය, ඔබගේ ආපපසු පැමිණිම බලාපොරොත්තු වෙන් සිටින කාරුණිකයන් සිටින ගෙයක් දොරක් ඔබට නැද්ද? ඔබගේ සුකෝමල මෙහෙයෙන් වරක් ප්‍ර භාවත් කළ ඔබ මේ වනාන්තරයට ආ විට එහි එළිය නැති කළ ගෙයක් දොරක් නැද්ද?
චිත්‍රා:- ඇයි, මේ ප්රළශ්න අහන්නේ? කල්පනා නොකර සාප වින්ද කාලය අවසන් වීද? ඔබට පෙනෙනවාට වඩා දෙයක් මා තුළ නැති බව ඔබ නොදන්නෙහිද? කින්සුක මල් පෙත්ත අග රැඳෙන පිනි බින්දුවට නමක් ගමක නැහැ - එය කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්නේත් නැහැ. ඔබ ආලය කරන ඇයත් හරියටම ඒ පිනි බිංදුවට වාගේයි.
අර්ජුණ:- ඇයට ලොකයත් සමඟ සම්බනධයක් නැද්ද? අපරීක්ෂාකාරි දෙවියකුගේ නොසැලකිළිමත් කමින් බිමට ඇද වැටුන දෙව් ලොවින් කැබැල්ලක් මෙන් වෙන්න ඇයට හැකිද?
චිත්‍රා:- ඔව්.
39
අර්ජුණ:-
අහා. ඒක තමයි මට හැම තිස්සේම දැනෙන්න ඔයා මට නැති වෙන්න වාගේ. මගේ හද පිනවි නෑ. සිතට කිසිම සැනසිල්ලක් නෑ. එන්න මා තුරුල්ලට ලබා ගන්න බැරි තැනැත්තිය එන්න. නමකට, ගමකට, පරපුරකට අයත් බැම්මට බිලි වන්න. ප්රෙතමයේ සාමකාමි ආරක්ෂාව යටතේ ඔබ සමඟ ජිවත් වෙන්න ඉඩ දෙන්න. ඔබ හැම තැනම සිටින බව මගේ හදට දැනෙන්න ඉඩ දෙන්න.
චිත්රාබ:- මේකද මේ නිෂ්ඵල වැයමක් දරන්නේ ? වලාකුලේ පාට, දිය රැල්ලේ නැටුම, මලේ සුවඳ අල්ලා තබා ගත හැකිද? අර්ජුණ:- මා ප්රි්ය දේවිය, සුළගේ සුන්යතත්මයෙන් ප්රෙ මය පිනවන්න විය්ය්ි් කරන්න එපා. මට කුමක් හෝ අල්ලා ගන්න දෙන්න. ප්‍රිතියට වඩා කල් පවතින, දුකේ දි පවා ඔරොත්තු දෙන යමක් මට අල්ල ගන්න දෙන්න.
චිත්රාක:- මාගේ වීරයාණෙනි, අවුරුද්ද තවම සම්පූර්ණද නැහැ. ඔබ දැනමට වෙහෙස වෙලා! දැන් මා දන්නවා. මලක ජිවිතය කෙටි වුයේ දෙවියන්ගේ කැමැත්ත නිසා බව. මේ මාගේ ශරීරයටත් ගතවූ වසන්තයේදි මල් සමඟ වේලී මැරි යන්නට හැකි වුයේ නම් එය ගෞරාවිත මරණයක්ම වන්නේය. එහෙත් මගේ ආදරවන්තය දැන් ඉතින් ඊට කාලය ළඟයි. දැන් ඉතින් අත හරින්න එපා. බිඳක්වත් පැනි නැති වෙන්න හිඳින්න. ග්‍රි ෂ්ම කාලයේ පිපෙන මල් පරවි දුවිලි වි ගියාට පසු සාගින්නේ පෙළෙන මී මැස්සකුට මෙන් ආශාව යළි මුදුන් පත් වේ යයි මේ හිඟන්නිය තුළ බියක් පවතී.
40